ජර්මනියේ සොලින්ගන් නගරයේ ඊයේ (24) තියුණු ආයුධයකින් ඇන පහරදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලැබීය.
විදෙස් මාධ්‍ය පැවසුවේ සොලින්ගන් නගරයේ 650 වැනි සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයකට පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබූ බවය.
අපරාධකරු විසින් එහි සංගීත සංදර්ශනයක් පැවැත්වෙන ස්ථානයක සිටි පුද්ගලයින්ට මෙම ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පලාගොස් තිබුණා.
එරට ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනයේදී ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මේ අනුව අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.