ත්‍රිකුණාමලය දිසා විනිසුරු වරයෙකු ලෙස කටයුතු කරන එම්.ගනේෂරාජා මහතාගේ සේවා.කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ කොමිසම කටයුතු කර ඇත.
අධිකරණ සේවා කොමිසමේ ලේකම් වරයාගේ අත්සනින් යුතුව් ත්‍රිකුණාමලය දිසා විනිසුරු වරයාගේ ෆැක්ස් පණිවිඩයක් මගින් ඊයේ (12) මෙම සේවය අත් හිටුවීමේ ලිපිය එවා තිබේ. විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් ලද පැමිණිළි මත කොමිෂමට කැඳවා ඇති විනිසුරු වරයා ගෙන් කරුණු විමසීමෙන් අන්තුරුව මෙම අත් හිටුවීම සිදුකොට ඇත.
හිස්වූ තනතුරේ වැඩ බැලීම සඳහා ඊයේ 13 සිටම ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඊ.පායස් රසාක් මහතා තාවකාලිකාව පත් කිරීමට කොමිසම කටයුතු කරනු ලැබී ය