2025 ජූනි 22 ඉරිදා, 02:18
නවතම පුවත්

තහනමට ලක් කළ පාස්කු ඉරිදා ප්‍රහාරයේ පුපුරන ද්‍රව්‍ය සැපයුම්කරුවන්ට යළි බලපත් දීලා

පාස්කු ප්‍රහාරයේ සහරාන් කල්ලියට පුපුරන ද්‍රව්‍ය ලබාදුන් පුද්ගලයන් හඳුනා ගෙන එම බලපත්‍ර තහනම් කර තිබූ නමුත් කෙටි කාලයකදී නැවත ඔවුන්ට එම බලපත්‍ර ලබා දී තිබූ බව සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදයේ සභාපති සූර්ය කුමාර විජේරත්න මහතා ඊයේ (ඔක්. 7) පැවසීය.

පුපුරන ද්‍රව්‍ය ආනයනය කිරීමේදී, බෙදා හැරීමේදී සහ බලපත්‍ර නිකුත් කිරීමේදී රුපියල් බිලියන ගණනක වංචාවක් සිදුව ඇතැයි කී සභාපතිවරයා ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න සුදුසුකම් පරීක්ෂා නොකර පුපුරන ද්‍රව්‍ය බලපත්‍ර ඔහුගේ හා දේශපාලනඥයන්ගේ හිතවතුන්ට නිකුත් කර ඇතැයි සඳහන් කළේ ය.

පසුගිය රජය සමයේ පුපුරන ද්‍රව්‍ය අලෙවි කිරීමට බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුව ඇති වංචා සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත්කර පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය.

හිටපු ලේකම්වරයා නිකුත් කළ බලපත්‍රවලට අදාළව මහනුවර සහ මහව ප්‍රදේශවල මේ වනවිට ගබඩා ඉදිකෙරෙමින් පවතින බව ත් නුසුදුසු පුද්ගලයන්ට මෙම බලපත්‍ර ලබා දී ඇති බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කිරීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළ ද ඊට අවස්ථාව ලබා නොදුන් බව ත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදය මහනුවර පේරාදෙණිය තානායමේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සූර්ය කුමාර විජේරත්න මහතා මේ බව කීය.

මෙම ගැටලුව මාධ්‍ය හමුවේ හෙළිදරව් කිරීමට නොහැකි වාතාවරණයක් පසුගිය කාලයේ රටේ පැවති බව ත් එසේ ආරක්ෂක ලේකම්වරයාට හෝ රජයේ ඇමැතිවරයෙකුට ප්‍රසිද්ධියේ චෝදනා කළේ නම් තම බලපත්‍ර අහෝසි කිරීමට ඉඩ තිබූ බව ත් හෙතෙම සඳහන් කළේ ය.

වංචා හා දූෂණ පිටුදැකීමට උත්සහ කරමින් සිටින වත්මන් ජනාධිපතිවරයා යටතේ සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ ගැටලුවලට විසඳුමක් ලැබෙතැයි අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories