2025 ජූනි 03 අඟහරුවාදා, 05:30
නවතම පුවත්

තලාතුඔයේ සහ හබ්බේගමුවේ ඝාතන දෙකක්

තලාතුඔය සහ හම්බේගමුව පොලිස් වසම්වල සිදුකළ ඝාතන දෙකකින් ඊයේ ( 17 ) පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

තලාතුඔය, අංකෙලිපිටිය හන්දිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදීම හේතුවෙන් තුවාල ලබා තලාතුඔය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, තලාතුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙකි.

ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් ගලකින් හිස ප්‍රදේශයට පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

වයස අවුරුදු 42ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තලාතුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර හම්බේගමුව, අලුත්වැව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී එක් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, කල්තොට, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු තවත් කිහිපදෙනෙකු සමඟ මත්පැන් පානය කර ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටයදී ඇති වූ ආරවුලක් හේතුවෙන් ත්‍රීරෝද රථය මඟ නවතා ඇති බවත්, එම අවස්ථාවේ ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයෙකු විසින් මරණකරුට හා එහි සිටි තවත් පුද්ගලයෙකුට මාර්ගයේ තිබූ ගලකින් පහරදී ඇති බවත්, විමර්ශනයේදී අනාවරණය වී ඇත.

තුවාලකරුවන් දෙදෙනා හම්බේගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇත.තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරුකර යවා ඇති බව පොලීසිය පවසයි.සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හම්බෙගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories