තලවකැලේ තේ පර්යේෂණගාරයට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් තේ පර්යේෂණ ආයතන සිදුකළ සේවාවන් පිළිබඳව කුඩා තේ වතු හිමියන් සහ පෞද්ගලික තේ වතු සමාගම්වල පාලන අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ දින එනම්(30) පැවැත්වුණා.
මෙරට තේ කර්මාන්තය සාර්ථකව ඉදිරියට පත්වාගෙන යාමට තලවකැලේ තේ පර්යේෂණ ආයතන විසින් ගත වු වසර 100 කාලයක් සිදු කළ මෙහෙය සහ ඉදිරියේ දී එම ආයතන විසින් සිදුකිරීමට සැලසුම් කර ඇති සේවාවන් පිළිබඳව මෙහි දී දැනුවත් කෙරුණු අතර.
තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක අචාර්ය එම්.ඒ.බි.රණතුංග සහ තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් විසින් මෙම සම්මන්ත්‍රණය අරම්භ කලහ.
මෙම සම්මන්ත්‍රණයට සමගාමීව තේ පර්යේෂණ ආයතනයේ නිල යූ ටියුබ් නාළිකාවක් ද එළි දක්වනු ලැබුන ලදි.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන තේ නිසි ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කරන ආකාරය සම්බන්ධයෙන් මෙම සම්මන්ත්‍රණයේ දී පැමිණි සිටි පිරිස දැනුවත් කළ අතර, වගාවට වර්තමානයේ පැන නැගී ඇති ගැටළු වලට විසඳුම් ලබාදීම ද මෙම සම්මන්ත්‍රණයට සමගාමීව සිදු කරනු ලබයි.