2026 මාර්තු 20 සිකුරාදා, 08:02
නවතම පුවත්

තරුණියන් වීඩියෝ කර කප්පම් ඉල්ලූ දෙදෙනෙක් දැලේ

තරුණ කාන්තාවන් කිහිපදෙනෙකු රහසිගතව වීඩියෝගත කර ලිංගික අල්ලස් සහ මුදල් ඉල්ලමින්, එම වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින ලෙස තර්ජනය කළ පුද්ගලයන් දෙදෙනකු උතුරුමැද පළාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහගල්කඩවල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ප්‍රධාන සැකකරු සහ ඔහුගේ සහචරයෙකු වන ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි කාන්තාවකගේ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුවය.

තඹුත්තේගම ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක සේවය කරන මෙම කාන්තාව බස් රථයක ගමන් කරමින් සිටියදී සැකකරු විසින් වීඩියෝ ගත කර, එම වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් රුපියල් 200,000ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බව පොලිසිය පවසයි.

ප්‍රධාන සැකකරු අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයකුගේ අනන්‍යතාව යටතේ ලියාපදිංචි කළ සිම් කාඩ්පත් සහ මෙමරි කාඩ්පත් කිහිපයක් භාවිත කර ඇත.

ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි දෙවැනි සැකකරු ප්‍රධාන සැකකරුට සිම් කාඩ්පත් ලබාගැනීම සඳහා අදාළ හැඳුනුම්පත සොරකම් කර ඇත.

සැකකරු තම අසල්වැසි තරුණියන්, ඔහුගේ මිතුරන්ගේ පෙම්වතියන් සහ නේවාසිකාගාරවල පදිංචි කාන්තාවන් ඇතුළු තරුණියන් කිහිපදෙනෙකුගේ ඡායාරූපද ළඟ තබාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ප්‍රධාන සැකකරු ප්‍රශ්න කිරීමේදී නොසන්සුන් හැසිරීමක් ප්‍රදර්ශනය කර ඇති අතර අදාළ මෙමරි කාඩ්පත් විනාශ කිරීමට උත්සාහ කර ඇත.

සැකකරුවන් දෙදෙනා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories