2025 අගෝස්තු 15 සිකුරාදා, 08:48
නවතම පුවත්

තරුණියකට මීගමුව රෝහලේදී ලිංගික හිංසනයක්

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයෙකු විසින් බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියකට එහි ලිංගික හිංසනයක් සිදුකළ බවට පැමිණිල්ලක් ලැබී තිබේ.

එම පැමිණිල්ලේ වින්දිත තරුණිය ප්‍රතිකාර ලබාගැනීමේදී අදාළ වෛද්‍යවරයා හිංසනක් සිදුකළ බව වැඩිදුරටත් කරුණු දක්වා ඇත.

චෝදනාව එල්ලවන වෛද්‍යවරයා සිය සංගමයේ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද අයෙකු බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා සිටියේය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර වහාම නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු පවසයි.

“මේ සම්බන්ධනේ මීගමුව රෝහලෙන් වාර්තාවක් කැඳවූවා. එහිදී පැහැදිලි වුණු එක් කරුණක් අදාළ වෛද්‍යවරයා මීට පෙරත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ අයෙක්.

ඔහු විනය විරෝධීව කටයුතු කිරීම නිසා 2021 වර්ෂයේ දී සාමාජිකත්වයෙන් නෙරපා දැමූ පුද්ගලයෙක්.

මේ සිදුවීම අපට සුළුකොට තකන්න බෑ. මේ සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවිය යුතුයි.

කිසිම විදියකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැරදිකාරයන් රකින්න සූදානමක නෑ. පරීක්ෂණය සඳහා උපරිම සහයෝගය ලබාදීමට සූදානම්” යනුවෙන් පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories