2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:03
නවතම පුවත්

තර්ජිනී ශ්‍රී ලංකා දැල්පන්දු පිල බාරගන්න සූදානම්

හිටපු ශ්‍රී ලංකා ගෝල විදින ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් පැවසුවේ පාලක මණ්ඩලය තමන්ට ආරාධනා කළහොත් ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.

හිටපු ශ්‍රී ලංකා දැල්පන්දු තරුව වන, දැනට ක්‍රීඩිකාවක සහ පුහුණුකාරියක ලෙස ඕස්ට්‍රේලියාවේ ලීග් තරඟාවලිය නියෝජනය කරන තර්ජනී, ඉන්දියාවේ බෙංගලෝර් හි පැවැති 13 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලියට සමගාමීව ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නිරීක්ෂණ කළාය.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්කරවන ආකාරයෙන් අවසන් විය. ඔවුහු අවසන් මහා තරගයේදී හිටපු ශූර සිංගප්පූරුව හමුවේ තියුණු පරාජයක් අත්වින්දහ.

“මට ඇත්තේ 1 මට්ටමේ පුහුණු සහතිකයක් පමණයි, එය ජාතික කණ්ඩායමක් පුහුණු කිරීමට ප්‍රමාණවත් නැහැ. මම වසර 20 කට වැඩි කාලයක් ඉහළම මට්ටමින් රට නියෝජනය කර තිබෙනවා” යැයි තර්ජිනී මාධ්‍ය වෙත පවසා ඇත.

“මම නුදුරේදීම 2 මට්ටමේ සහ 3 මට්ටමේ පුහුණු සහතික ලබාගෙන ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ පුහුණු කිරීමේ අභියෝගය භාරගැනීමට සැලසුම් කරනවා” තර්ජිනී අවධාරණය කරයි.

දැල්පන්දු ලෝක කුසලාන හතරකදී සහ ආසියානු දැල්පන්දු ශූරතා පහකදී රට නියෝජනය කර ඇති තර්ජිනී, 2023 දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කේප් ටවුන් ලෝක කුසලානයෙන් පසුව ජාතික කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කළාය.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන තර්ජිනී ඇයගේ ඉන්දීය සැමියා වන ආර්.ප්‍රසාද් සමඟින් තරඟාවලියේ ආරම්භක තරඟය සහ අවසන් තරඟය නැරඹීමට පැමිණ සිටියා.

ඉන්දියාවේ සහ ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරික හවුල්කරුවෙකු වන ප්‍රසාද් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට තරඟාවලිය පුරා ගමන් මලු සහ පිරිපහදු ජලය ලබාදුන්නේය.

“මම හිතන්නේ අවසන් තරගය ශ්‍රී ලංකා සහ සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට අසීරු වුණා. අවසන් මහා තරගය අතිකාල අවස්ථාවට ගිය පළමු අවස්ථාව මෙයයි,” තර්ජිනී සඳහන් කරයි.

අවසන් තරගය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී යාම අවාසනාවන්ත දෙයක් බවත් මෙම පසුබෑමේ වගකීම කණ්ඩායම් කළමනාකාරීත්වය භාරගත යුතු බවත් ඇය විස්තර කළාය.

“මම හිතන්නේ අපේ ජාතික පුහුණුකරුවන්ට දේශීය හා අන්තර්ජාතික මට්ටමින් ප්‍රමාණවත් අත්දැකීම් තිබුණත් පළපුරුද්ද අඩුයි,” තර්ජිනී පවසයි.

1978 දෙසැම්බර් 30 වැනි දින උපත ලද තර්ජිනී හිටපු ශ්‍රී ලංකා ප්‍රවීණ නෙට්බෝල් ක්‍රීඩිකාවක් සහ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවකි.

ඇයගේ විශ්මයජනක උස සෙන්ටිමීටර 210 ක් හෝ අඩි හයයි අඟල් 10.5 ක් වේ.

ඇය මෙතෙක් සිටි සාර්ථකම දැල්පන්දු විදින්නියන්ගෙන් කෙනෙකු ලෙස හඳුනාගෙන ඇති අතර බොහෝ විට මෙතෙක් උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස සැළකේ.

ඇය අන්තර්ජාතික තරග වැඩිම ගණනක් ශ්‍රී ලංකාව නියෝජනය කළ දැල්පන්දු ක්‍රීඩිකාවයි.

ඇය 2009 වසරේ සිය මංගල තරග බිමට පිවිසි දා සිට අන්තර්ජාතික දැල්පන්දු තරගාවලිවල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවකි.

ඇය සිය අසාමාන්‍ය උස නිසා ප්‍රසිද්ධියට පත්වූ අතර ශ්‍රී ලංකා නෙට්බෝල් ඉතිහාසය සලකුණු කළ ක්‍රීඩිකාවක් ලෙස සැළකේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories