2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 14:25
නවතම පුවත්

තම කීර්තිනාමයට හානි වුණා යැයි ආගමන විගමන නිලධාරින්ට විමල්ගෙන් චෝදනා

සිය කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රුපියල් මිලියන 1000ක වන්දි මුදලක් ඉල්ලා ආගමන හා විගමන නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ඒ පසුගිය යහපාලන රජය සමයේ කිසිදු හේතුවක් නොමැතිව තමන්ව ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම තුළින් සිය කීර්තිනාමයට හානි සිදුවූ බව පවසමිනි.

අද (12) පවරා ඇති මෙම නඩුව තුළින් වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරී එරංග රඹුක්වැල්ල, ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරී සුජීව රත්නායක හා නීතිපතිවරයාව නම්කර තිබේ.

අදාළ පෙත්සම තුළින් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ තමන් 2015 වසරේ ඔක්තෝබර් මස 23 වනදා විදේශීය රටවල් තුනක පැවැත්වීමට නියමිතව තිබූ සම්මන්ත්‍රණවලට සහභාගීවීම සඳහා ඩුබායි බලා පිටත්වයාමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි.

එහිදී විදේශගත වීම සඳහා තමා රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ බවත් එහි සිටි ආගමන හා විගමන නිලධාරීන් දත්ත පද්ධතිය පරීක්ෂා කර එය අක්‍රීය ගුවන් බලපත්‍රයක් බවට ප්‍රකාශය කළ බවත් එම පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැරීමට කටයුතු කළ බවත් ඊට අදාළව ආගමන හා විගමන පනත යටතේ තමන්ට එරෙහිව ගොනු කළ නඩුව වසර 09කට ආසන්න කාලයක් විභාග කිරීමෙන් පසු තමන්ව අධිකරණය විසින් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ මේ තුළින් සිය කීර්තියට දැඩි ලෙස හානි සිදුවූ බවයි.

ඒ අනුව සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීමකින් තොරව ද්වේශ සහගත ලෙස තමන්ව අත්අඩංගුවට ගෙන නඩු පැවරීම තුළින් තම කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා මන්ත්‍රීවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories