2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:07
නවතම පුවත්

තමිම් ට හෘදයාබාධයක් – ක්‍රිකට්ලෝලීන්ට සංවේදී පණිවුඩයක්

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකරනු ලැබූ බංග්ලාදේශ ක්‍රිකට් හිටපු එක්දින නායක තමීම් ඉක්බාල් මේ වනවිට සුවය ලබමින් සිටින බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.

ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා තමන් වෙනුවෙන් ආශිර්වාදකළ සියලු දෙනාට ස්තූතිය පළකර තිබේ.

“අපව ජීවත්කරවන්නේ හෘද ස්පන්දනය. නමුත් මේ ස්පන්දනය ඕනෑම මොහොතක, කිසිදු දැනුම්දීමකින් තොරවම නතරවිය හැකි බව අපට අමතකයි.

මම ඔබ සැමට මගේ හෘදයාංගම කෘතඥතාව සහ ආදරය පිරිනමනවා. කරුණාකර මා සහ මගේ පවුලේ අයවත් ඔබගේ යාච්ඤාවල තබාගන්න” යනුවෙන් දක්වා ඇත.

ඩකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (24) පැවති තරගයක් අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් තමිම් රෝහල් ගතකරනු ලැබීය.

ඔහු රෝහල් ගතකිරීමෙන් අනතුරුව හදිසි සැත්කමකටද භාජනය කරනු ලැබීය.

තමීම් රෝහලට රැගෙන යන විටත් ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බව තමීම්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාද තහවුරු ක‍ළේය.

වසර 15කට වැඩි කාලයක් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩාකළ තමිම් ජාත්‍යන්තර ලකුණු 15,000කට වඩා රැස්කර ඇත.

ටෙස්ට්, එක්දින හා විස්සයි20 යන ආකෘති ත්‍රිත්වය යටතේම ශතක 25කට වඩා රැස්කර ඇති තමිම්, අදටත් සියලුම ආකෘතිවලින් ශතක රැස්කළ එකම බංග්ලාදේශ පිතිකරුවාය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories