2026 මාර්තු 24 අඟහරුවාදා, 18:06
නවතම පුවත්

ණය ගෙව්වත් ගවයෝ නැහැ – CID විමර්ශන අරඹයි!

ගැබ්බර කිරි ගවයන් 15,000ක් මෙරටට ආනයනය කිරීම සඳහා නෙදර්ලන්ත බැංකුවකින් ලබාගත් ණය මුදලකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 11.7ක් 2018 වසරේදී ඕස්ට්‍රේලියානු සමාගමකට අත්තිකාරම් ලෙස ගෙවා ඇතත්, මෙතෙක් එම කිරි ගවයන් මෙරටට ආනයනය කර නොමැති බවට කෙරෙන විමර්ශනයක් මේ වන විට දැඩි අවධානයට ලක්ව තිබේ. මෙම වංචනික ක්‍රියාවට අදාළව, එකල පශු සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරිය වන, වත්මන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකා රේණුකා ඒකනායක මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඊයේ (24) සහ පෙරේදා (23) දිනවලදී දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත.

කිරි ගවයන් 20,000ක් මෙරටට ආනයනය කර කිරි ගොවීන්ට බෙදා දීම සඳහා එකල කැබිනට් අනුමැතියක් ද ලැබී තිබූ අතර, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 73.9ක විදේශ ණයක්ද ගෙන තිබේ. ඊට අනුව, අවස්ථා දෙකකදී කිරි ගවයන් 3,000ක් සහ 2,000ක් (මුළු 5,000ක්) පමණක් මෙරටට ආනයනය කර ඇත. කෙසේ වෙතත්, ඉතිරි කිරි ගවයන් 15,000 ගෙන්වීම සඳහා නෙදර්ලන්ත බැංකුවකින් ලබාගත් ණය මුදල, අදාළ ඕස්ට්‍රේලියානු සමාගමට අත්තිකාරම් ලෙස ගෙවා ඇතත්, එම ගවයන් කිසිවකු මෙරටට ලැබී නොමැති බව CID පවසයි. නෙදර්ලන්තයෙන් ගත් ණය මුදල මේ වන විට ජනතාවගේ බදු මුදලින් ගෙවා අවසන් කර ඇති බවද CIDයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මීට පෙර ආනයනය කර තිබූ කිරි ගවයන් රැසක් ගොවිපළවලදී විවිධ රෝගයන්ට ගොදුරු වීමෙන් මිය යෑමත්, අපේක්ෂිත කිරි ප්‍රමාණය නොලැබීමත් සම්බන්ධයෙන් ගැටලු මතු වී තිබී ඇත. ආනයනය කළ කිරි ගවයන් රුපියල් ලක්ෂ 4ත් – 5ත් අතර මිලකට කිරි ගොවීන්ට අලෙවි කර තිබුණි. මෙරටට ආනයනය කළ කිරි ගවයන් රෝගී සතුන් බවත්, එම සතුන්ට වැලඳී තිබූ රෝගය මෙරට ගවයන්ට වැලඳෙන රෝගයක් නොවන බවත්, එකල අනාවරණය වී තිබී ඇත. ඒ අනුව, රෝගී කිරි ගවයන් මෙරටට ආනයනය කර ඇති බවට සැක කරන අතර, ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයේදී අවධානය යොමුව ඇත.

මෙම කිරි ගවයන් ආනයනය සම්බන්ධයෙන් අදාළ ඕස්ට්‍රේලියානු සමාගම සමඟ ගිවිසුම්ගත වී ඇත්තේ 2014 වසරේදී එවකට පැවති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගිනි. ඒ සම්බන්ධයෙන් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව හා විගණකාධිපතිවරයා දුන් කිසිදු නිර්දේශයක් තැකීමකට ලක් නොකර කැබිනට් අනුමැතිය ද ඒ සඳහා එකල ලබා දී ඇති බව සඳහන්ය. කිරි ගවයන් 5,000ක් අවස්ථා දෙකකදී ගෙන්වා ඇත්තේ 2017 සහ 2018 වසරවලදීය.

මෙම කිරි ගව ව්‍යාපෘතිය බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබූ ව්‍යාපෘතියක් බවත්, එම ව්‍යාපෘතියේ ඇති ගැටලු ගැන එවකට විෂය භාර අමාත්‍යවරයාට දැනුම් දුන්න ද එම ව්‍යාපෘතිය කරගෙන යන ලෙස තමන්ට අමාත්‍යවරයා උපදෙස් දුන් බවත් රේණුකා ඒකනායක මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories