2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:18
නවතම පුවත්

ඩොනල්ඩ් ලූ දිවයිනට

ඇමරිකානු එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා දිවයිනට පැමිණ තිබේ.

ඩොනල්ඩ් ලූ මහතා සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරීවරයෙකු ද දූත පිරිස ලෙස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ඔවුන් අද (05) අලුයම 02.55ට දෝහා නුවර සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 662 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණියේය.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

තිරසාර ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම, දූෂණයට එරෙහිව සටන් කිරීම සහ මිනිසුන් අතර සබඳතා ශක්තිමත් කිරීම සහ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාම ඩොනල්ඩ් ලූ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ බව වාර්තා වේ.

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා දෙසැම්බර් 10 වන දින දක්වා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නේපාලය යන රටවල සංචාරය කිරීමට නියමිතය.

කලාපීය සමෘද්ධිය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු ආසියාවේ ප්‍රධාන හවුල්කරුවන් සමග සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට පැමිණෙන අමෙරිකානු නියෝජිත පිරිස මෙරට නව පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් සමාජයේ නියෝජිතයින් හමුවීමට නියමිතව තිබේ.

වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අමෙරිකා එක්සත් ජනපදය සහය විය හැකි ආකාරය පිළිබඳව මෙම සංචාරයේ දී අවධානය යොමුකිරීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් ද අවධානය යොමුකිරීමට නියමිතය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories