ජනවාරි 20 වැනිදා දිවුරුම් දීමට නියමිත තේරීපත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
අමෙරිකාවේ තේරීපත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය හෙට (20) වොෂින්ටන් නුවර පැවැත්වීමට නියමිතයි.
පවතින අධික ශීත කාලගුණය සලකා ඉතිහාසයේ පළමුවරට මෙවර පදවිප්‍රාප්තිය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට සිදුව තිබේ.
මේ අනුව උත්සවය පැවැත්වෙන්නේ වොෂින්ටන් හි කැපිටල් වන් ඇරීනා ගොඩනැගිල්ලේ වේ.
මේ ස්ථානයේ 20,000කට අසුන් ගැනීමට හැකි බවද වාර්තා වෙයි.
මේ අතර පදවි ප්‍රාප්තියෙන් අනතුරුව කැපිටල් වන් අරීනා ඉදිරිපිට ‘මේක් ඇමෙරිකා ග්‍රේට් අගේන් වික්ටරි රැලී’ නම් මැතිවරණ රැලියකට සමාන ස්වරූපයකින් රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඊට අමතරව, පෙන්සල්වේනියා හි දී හමුදා වාදන කණ්ඩායම්, පාසල් තූර්යවාදක කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබූ රැලියද අවලංගු කර ඇතැයි වාර්තා වෙයි.