2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 18:02
නවතම පුවත්

ඩීසල් මිල අඩු වුවත් වෙනසක් නොවන බස් ගාස්තුව

රුපියල් 12කින් ඩීසල් මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනු ලබයි.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් .

“බස් ගාස්තු අඩුකිරීමට මේ වෙලාවේ හැකියාවක් නෑ. ජනතාව අවබෝධ කරගත යුතුයි මිල සුත්‍රයේ වසර 20ක් පුරා ඉන්නවා. ඊට පටහැනිව අපි කටයුතු කරලා නෑ. ඒ නිසා අපිට මේ වෙලාවේ දී කවුරුත් බලාපොරොත්තු වෙන්න එපා රු 12ක් අඩු කරා ඒ කියලා ගාස්තු අඩුකරන්න ඕනේ කියලා. එහෙම අඩු කරන්න හැකියාවක් නෑ. අපි ඉන්න ප්‍රතිශතාත්මක ගණනය කිරීම තුළ මොකද අපිට සියයට 4ක ප්‍රතිශතයක් ඇවිත් නෑ. මේ පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන් ජූලි මාසයේ සිදුවන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ දී. මේ මාසයේ බස් ගාස්තු අඩු කරන්න නෛතික හැකියාවක් නෑ.”

බස් ගාස්තුව සඳහා ඉන්ධන මිල පමණක් බලනොපන බවත් සෙසු සියලු වියදම් ඉහළ ගොස් ඇතැයි ද පැවසු ගැමුණු විජේරත්න මහතා, බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට නම් ඩීසල් මිල රු 25 – 30 ක් අතර ප්‍රමාණයකින් අඩු විය යුතු බවත් පැවසනු ලැබීය.

මේ අතර, මෙවර මැයි රැළි සඳහා බස් ඉල්ලුම් කර නොමැති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories