2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 14:14
නවතම පුවත්

ඩිජි­ටල් තිර භාවි­ත­ය නිසා දරු­වන්ට මන්ද­පෝ­ෂ­ණය

කුඩා දරු­වන් විද්‍යුත් ඩිජි­ටල් තිර භාවි­ත­යට ඇබ්බැහිවීම නිසා අක්ෂි ආබාධ, මන්ද­පෝ­ෂ­ණය, අධි­පෝ­ෂ­ණය යනාදි රෝග රැස­කට ගොදු­රුව ඇතැයි සමී­ක්ෂණ වාර්තා­ව­ලින් හෙළිව තිබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා යොවුන් මනස පිළි­බඳ මනෝ විද්‍යාඥ ස්වර්ණා විජේ­තුංග පැව­සු­වාය.

කුඩා දරු­වන්ට කෑම කැවීම සඳහා ජංගම දුර­ක­තන තිර ඇතුළු ඩිජි­ටල් තිර භාවි­ත­යට ලබා­දීම නිසා දරු­වන් අධි පෝෂ­ණ­යට මෙන්ම මන්ද­පෝ­ෂ­ණ­යට ගොදුරු වන බවත් මවු­පිය වැඩි­හි­ටි­යන්ගේ පහ­සුව උදෙසා ඩිජි­ටල් තිර භාවි­ත­යට දරු­වන් යොමුකිරීම නිසා දරු­වන්ගේ ජීවිත නාස්ති වන බවත් ඇය ප්‍රකාශ කළාය.

සෞඛ්‍ය ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් ඇය මේ බව ඊයේ (20) පැව­සු­වාය.

ඉස්සර කාලයේ ඖෂධ වට්ටෝරු නිකුත් කර­නුයේ බෙහෙත් ලබා­දී­මට යැයි ද, වර්ත­මා­නය වන විට ඖෂධ වට්ටෝරු නිකුත් කිරී­මට සිදුව ඇත්තේ මවු­පිය වැඩි­හි­ටි­යන්ට දරු­වන් සමඟ සෙල්ලම් කර­මින් ඔවුන් සමඟ කාලය ගතකරන්න යැයි ද ඇය ප්‍රකාශ කළාය.

ඩිජි­ටල් තිර භාවි­තය නිසා සමස්ත දරු­ව­න්ගෙන් සිය­යට 30ක් අවි­දුර දෘෂ්ටි­ක­ත්ව­යෙන් පෙළෙන බවත් එම සංඛ්‍යාව සිය­යට 50ක් දක්වා 2050 වසර වන විට වර්ධ­නය වන බවට ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය ඇස්ත­මේන්තු කර ඇති බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අක්ෂි විශේ­ෂඥ වෛද්‍ය අනූෂා තැන්නේ­කු­ඹුර පැව­සු­වාය.

දරු­වන්ට තිබෙන අක්ෂි වපර ගතිය සම්බ­න්ධ­යෙන් ද මවු­පිය වැඩි­හි­ටි­යන් අව­ධා­නය යොමුකර අදාළ ප්‍රති­කාර සඳහා දරු­වන් යොමු කළයුතු බවත් නොඑසේ නම් දරුවා දිගු­කා­ලී­නව අක්ෂි ආබා­ධ­ව­ලට ලක්වී­මට ඉඩ ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

දරු­වකු ඉපදී මාස 18ක් වන තෙක් කිසිදු ඩිජි­ටල් තිර­යක් නැර­ඹී­මට ලබානොදිය යුතු බවත් වයස මාස 18 සිට අවු­රුදු 2 දක්වා මවු­පි­යන්ගේ අධී­ක්ෂ­ණය යටතේ දින­කට පැයක පමණ කාල­යක් ඩිජි­ටල් තිර භාවි­ත­යට ලබා­දීම යෝග්‍ය බවට අමෙ­රි­කානු සමී­ක්ෂ­ණ­ය­කින් හෙළිකර ඇති බවත් ඇය පැව­සු­වාය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories