2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:29
නවතම පුවත්

ඩිජිටල්කරණයේ ප්‍රධානම හැරවුම ඩිජිටල් හැඳුනුම්පත – ජනපති

රජය ආරම්භ කළ ඩිජිටල්කරණයේ ප්‍රධානම හැරවුම ඩිජිටල් හැඳුනුම්පත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ‘GovPay’ ගෙවීම් පහසුකම දියත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (7) පැවති මෙම උත්සවයේදී ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ ඩිජිටල්කරණය හරහා සෑම පුද්ගලයෙකුටම සංස්කෘතික ජීවිතයකට ඉඩ සැලසෙන බවය.

සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ GOVPAY පහසුකම දියත් කිරීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“අපි අපේක්ෂා කරනවා අපේ රටේ මුදල් නෝට්ටු පරිහරණය අවම කරන්න. ඒකට ඩිජිටල්කරණය ඉතාම වැදගත්. ඒකට ජනතාවට ඉතාමත් පහසු ප්‍රවේශයන් නිර්මාණය කරන්න ඕනේ. ඒකෙදි මේ GovPay වේදිකාව ඉතාමත් ශක්තිමත් කියලා. පාරේ රස්තියාදුවෙන ජීවිතයක් මිනිස්සුන්ට ඕනේ නැහැ. හැම මනුස්සයෙකුටම අවශ්‍යයි සංස්කෘතික ජීවිතයක්. මේ සඳහා අපි අපේ වගකීම් ඉටුකර ගැනීම සඳහා නිශ්චිත කාලයකුත්…නිදා ගැනීම සඳහා තව නිශ්චිත කාලයකුත් අවශ්‍යයි.”

“හැබැයි අපිට තිබෙන වැඩගොඩ… මේ හිරවීමට ආපුවාම අපිට සංස්කෘතික ජීවිතයකට ඉඩ ලැබෙන්නේ නැහැ.”

“අන්න ඒ කාලය වෙන්කර ගැනීමේදී ඩිජිටල්කරණය අපිට පහසුව ගෙනත් දෙනවා”.

“මේ ඩිජිටල්කරණ ව්‍යායාමය අපි සාර්ථක කරගත යුතුමයි. එහි ප්‍රධානම හැරවුම තමයි ඩිජිටල් හැඳුනුම්පත. මේක කළයුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.”

“මේ වෙනස්කම් ටික අපිට වේගයෙන් අවශ්‍යයි. ඩිජිටල්කරණය අපේ රට අලුත් අදියරයකට ඔසවා තබයි.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories