ආගමන හා විගමන පනත යටතේ චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (06) වරෙන්තුවක් නිකුත් කළේය.
නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිකාර ඩයනා ගමගේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය මෙම වරෙන්තුව නිකුත් කළාය.
නඩුව අද විභාගයට ගැනීමට නියමිතව තිබුණි.