2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:28
නවතම පුවත්

ටෙලිග්‍රෑම් CEO කාන්තා ගැටයකට

ලොව ප්‍රකට පණිවුඩ හුවමාරු සමාජ මාධ්‍යක් වන ටෙලිග්‍රෑම් මෙවලමෙහි නිර්මාතෘ මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන පවෙල් දුරෝව් ට එරෙහිව මේ වනවිට ප්‍රංශ බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

39 හැවිරිදි දුරෝව් ප්‍රංශ පුරවැසිභාවය හිමි පුද්ගලයෙකි.

ඔහු ට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ ටෙලිග්‍රෑම් මෙවලම හරහා සංවිධානාත්මක අපරාධ සිදුකෙරෙන බවට චෝදනා කරමිනි.
   
ඔහු රක්ෂිත බන්ධනාගාර කර නොමැති වුවද ඔහු අධිකරණ අධීක්ෂණය යටතේ පසුවෙයි.

එසේම ඩොලර් මිලියන 5.6ක ඇපයක් තැබීමට ද ඔහුට සිදුවී තිබේ.

දුරෝව් සති දෙකකට වරක් පොලිස් ස්ථානය ට වාර්තාකළ යුතු අතර එසේම ඔහුට ප්‍රංශ භූමියෙන් පිටතට යාම ද තහනම් ය.

මේ අතර අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර ඇත්තේ ටෙලිග්‍රෑම් CEO සමග ප්‍රංශයට පැමිණි 24 හැවිරිදි ජූලි වැවිලෝවා නම් කාන්තාව අතුරුදන්ව ඇති බවයි.

එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ටෙලිග්‍රෑම් ප්‍රධානියා ව ප්‍රංශය ට රැගෙන එම ට මෙම කාන්තාව සම්බන්ධ බවට සැකයක් මතුව ඇති බවයි.

ක්‍රිප්ටෝ පුහුණුකාරිනියක් මෙන්ම වීඩියෝ ක්‍රීඩා ස්ට්‍රීමර් කෙනෙක් විදියට ප්‍රචලිත ඇය ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් කලබලයට පත්වී සිටින බව සඳහන් ය. 

ප්‍රංශය ට පැමිණීමට පෙර පවෙල් දුරෝව් අසර්බයිජානයේ සිට ඇති අතර මෙම කාන්තාව ද ඔහු සමග එහි සිටි බව වාර්තා වෙයි.

මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ පවෙල් දුරෝව් සමග සිටින අවස්ථා දැක්වෙන ඡායාරූප එම කාන්තාව සිය සමාජ මාධ්‍ය ගිණුම්වල වාර්තාකර තිබීම ටෙලිග්‍රෑම් ප්‍රධානියාව අත්අඩංගුවට ගැනීම පහසුකර තිබු බවයි.

රුසියානු ජාතිකයෙක් වන පවෙල් දුරෝව් 2014 සිට ඩුබායි හි වාසය කරයි.

එම කාන්තාව ද ඩුබායි හි ජීවත් වන අතර ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ පවෙල් දුරෝව් ව කොටුකර ගැනීම සඳහා උගුලක් ලෙස භාවිත කර ඇති බවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories