පහේ ශිෂ්‍යත්වය සඳහා ජනප්‍රිය උපකාරක පන්ති දේශක හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම තුනක් යොදවා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් තිබේ.
තරුණයෙකුගේ යටි බඩ ප්‍රදේශයට පහර එල්ල කිරීමක් සම්බන්ධයෙන් මෙම ගුරුවරිය අත්අඩංගුවට ගැනීමට සොයන අතර, ඇය දුරකථනය ද ක්‍රියා විරහිත කර තම දරුවාද සමග ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින බවද පොලිසිය කියා සිටියි.
අදාළ පහරදීම සම්බන්ධයෙන් ඇගේ සැමියා සහ ආයතනයේ කළමනාකරු අත්අඩංගුවට ගෙන මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ පහරදීම සිදුකර ඇතැයි පැවසෙන්නේ පහර කෑ පුද්ගලයාගේ සහෝදරියක විසින් සමාජ ජාල ගිණුමක තැබූ සටහනක් සම්බන්ධයෙනි.