ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් චීනයේ සංචාරයක නිරතව සිටී.
එම සංචාරය සඳහා නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටින බව සඳහන්වේ
චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් අනුව එම හමුව සිදුවී තිබේ .
ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිස ඊයේ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
එහිදී ටිල්වින් සිල්වා මහතා පෙන්වාදී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පැවති දූෂිත පාලනය තන්ත්‍රය අවසන් කර ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් රට ආර්ථිකය සංවර්ධනය වේගයෙන් ඉදිරියට ගැනීමේ සැලසුමක් සහිතව ගමන් කරමින් සිටින බවයි .