2025 අගෝස්තු 16 සෙනසුරාදා, 01:52
නවතම පුවත්

ටිරාන්ගේ ‘ඊ-පාස්පෝට් ’ ගනුදෙනුව නැවත කැබිනට් මණ්ඩලයට

ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සඳහා ‘ඊ විදේශ ගමන් බලපත්‍ර’ මිලියන පහක් මිලදීගැනීමේ ටෙන්ඩරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිරීක්‍ෂණ අමාත්‍ය මණ්ඩලයේ අවධානය සඳහා යොමුකිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම් දී ඇතැයි නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම්දුන්නේය.

අදාළ විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරය අභියෝගයට ලක්කරමින් එපික් ලංකා පෞද්ගලික සමාගම විසින් ගොනුකළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මෙම දැනුම් දීම සිදුකළේය.

අදාළ පෙත්සම අද මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවුරු ලැබීය.

එහිදී මෙම පෙත්සමට අදාළ නියෝගයක් ප්‍රකාශයට පත්කරමින් විනිසුරු පී. කුමාරන් රත්නම් සඳහන් කළේ, ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදීගැනීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට අධිකරණය තීන්දුකර ඇති බවයි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම ටෙන්ඩරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් සිදුකළ විමර්ශනවලට අදාළ ලිපියක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව දැනුම්දුන්නේය.

ඊට අමතරව මෙම ටෙන්ඩරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් සිදුකර තිබෙන නිරීක්ෂණ අමාත්‍ය මණ්ඩලයේ අවධානය සඳහා යොමුකරීමට කටයුතු කරන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිතව අද පෙරවරුවේ දැනුම් දී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම්දුන්නේය.

ඒ අනුව කටයුතු කරන ලෙස වගඋත්තරකරුවන්ට දැනුම්දුන් අධිකරණය අදාළ පෙත්සම පිළිබඳ විභාගය ජනවාරි මස 23 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories