2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 13:42
නවතම පුවත්

ට්‍රම්ප් BRICS රටවලට අනතුරු අඟවයි

අමෙරිකාවේ ජනාධිපතිධූරය සඳහා තේරීපත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් BRICS රටවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ඒ අනුව ට්‍රම්ප් පවසා ඇත්තේ අන්තර්ජාති වෙළඳාමේදී අමෙරිකානු ඩොලරයෙන් ඉවත් වී ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම BRICS රටකට 100% තීරුබදු පනවන බවයි.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත ආර්ථික සන්ධානය BRICS නමින් හඳුන්වනු ලැබේ.

මේ වනවිට ඉරානය, ඊජිප්තුව, ඉතියෝපියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වා එය පුළුල් කර ඇත.

ඒ අනුව, ලෝක බලවතුන් වන චීනය, රුසියාව බ්‍රසීලය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඉරානය, ඊජිප්තුව, ඉතියෝපියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ වනවිට බ්‍රික්ස් සන්ධානයේ කොටසකි.

“අපි බලාගෙන ඉද්දි BRICS රටවල් ඩොලරයෙන් ඈත් වෙන්න හදනවා කියන අදහස පේනවා” ට්‍රම්ප් Truth Social හි BRICS සම්බන්ධයෙන් තබා ඇති සටහන විදෙස් මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් බවට පත්ව තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරණය අතරතුර, ට්‍රම්ප් පුලුල්ව පැතිරුණු තීරුබදු ක්‍රියාත්මක කිරීම පිළිබඳව පොරොන්දු ලබා දුන්නේය. ඒ අනුව ඔහු පසුගිය දිනවල රටවල් කිහිපයකට දැඩි බදු පනවන බව තර්ජන එල්ල කර තිබේ.

කැනඩාව සහ චීනය ඊට ඇතුළත් වේ.

ලබන වසරේ ජනවාරි 20 වන දින අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස බලයට පත්වීමට නියමිත ට්‍රම්ප්ගේ මෙම නවතම පණිවිඩයෙන් තර්ජන එල්ල කර ඇත්තේ, නැගී එන ආර්ථික සමූහයකින් සමන්විත වන බ්‍රික්ස් හවුල වෙතයි.

ඒ අනුව, ඩොලරය ඔවුන්ගේ සංචිත මුදල් ලෙස භාවිත කිරීමට කැපවන ලෙසත්, නව BRICS මුදල් ඒකකයක් නිර්මාණය කිරීමෙන් හෝ විකල්ප පිටුබලය දීමෙන් වළකින ලෙසත් ට්‍රම්ප් BRICS සාමාජික රටවලින් ඉල්ලා සිටියේය.

“අපට මෙම රටවලින් නව BRICS මුදල් ඒකකයක් නිර්මාණය නොකරන බවට කැපවීමක් අවශ්‍ය වේ. බලවත් අමෙරිකානු ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකකයක් පසුපස නොයන බව හෝ පැවසිය යුතුය. එසේ නොවන්නේ නම් ඔවුන් 100% තීරුබදු වලට මුහුණ දෙනු ඇත, එමෙන්ම ඔවුන් පුදුම සහගත ලෙස අමෙරිකානු ආර්ථික ගනුදෙනුවලින් සමුගැනීමට අපේක්ෂා කළ යුතුය,” ට්‍රම්ප් පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories