2026 මාර්තු 29 ඉරිදා, 15:27
නවතම පුවත්

ට්‍රම්ප් මස්ක්ට ධවල මන්දිරයේ හොරු අල්ලන ජොබ් එක බාරදෙයි

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැළකෙන ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී සහ එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම සගයෙකු වන එලොන් මස්ක්, ට්‍රම්ප් සමඟ ඔහුගේ ෆ්ලොරිඩා වතුයාය වන මාර්-ඒ-ලාගෝ හි “බොහෝසෙයින් කාලය ගතකරමින්” සිටින බව වාර්තා වේ.

මස්ක්, ට්‍රම්ප් ලබාගන්නා පොදු දුරකථන ඇමතුම්වලදී ඇතැම් ලෝක නායකයන් සමඟ සංවාද පවත්වන සිටින බව ද වාර්තා වේ.

ඉකුත් ඉරිදා උදෑසන CNN විකාශනය අතරතුර, තාක්‍ෂණ ජනමාධ්‍යවේදිනී Kara Swisher කියාසිටියේ ”මස්ක්, ට්‍රම්ප් ඔහුව එළියට දමනතුරු කොහේවත් නොයනු ඇත. එය සිදුවිය හැකිය, මන්ද ඔවුන් දෙදෙනාම අවධානයට ලක්වීමට කැමති ශක්තිමත් පෞරුෂයන්ය.” යනුවෙනි.

පසුගිය සතියේ පැවැති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් පසු මස්ක් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩාවේ නිවහනේ නිරතුරුව සිට ඇති අතර, ඔහු සමඟ පිට්ටනියේ කෑම කමින් සහ ගොල්ෆ් පිටියේ ක්‍රීඩා කරමින් සිටින බව ”ද ඉන්ඩිපෙන්ඩන්ට්” වාර්තා කර තිබේ.

මේ අතර විදෙස් ජනමාධ්‍ය අද වාර්තා කළේ අමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ පරිපාලනය යටතේ අලුතින් නිර්මාණය කරන ලද රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ (Doge) නායකත්වය සඳහා එලොන් මස්ක් තෝරාගෙන ඇති බවයි.

ජෛව තාක්‍ෂණ ආයෝජකයකු වන විවේක් රාමස්වාමි මෙම ව්‍යාපෘතිය සඳහා SpaceX සහ Tesla නිර්මාතෘ සමඟ කටයුතු කරන බව ද ට්‍රම්ප් නිවේදනය කර තිබේ.

ඒ අනුව එලෝන් මස්ක් සහ විවේක් රාමස්වාමි ධවල ​​මන්දිරයට “මහා පරිමාණ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මෙහෙයවන්නේ කෙසේද’ යන්න පිළිබඳ බාහිර උපදෙස් ලබා දෙනු ඇත” යනුවෙන් ට්‍රම්ප් පවසා ඇත.

මීට පෙර, ට්‍රම්ප් ෆොක්ස් නිවුස් සත්කාරක සහ සටන් ප්‍රවීණ පීට් හෙග්සෙත් ඔහුගේ ආරක්ෂක ලේකම් ලෙසත්, හිටපු ටෙක්සාස් කොංග්‍රස් සභිකයකු සහ ෆෙඩරල් නඩු පවරන්නෙකු වූ ජෝන් රැට්ක්ලිෆ් CIA සේවය මෙහෙයවීමටත් පත්කරන බව නිවේදනය කළේය.

Doge යනු රජයේ නිල දෙපාර්තමේන්තුවක් නොවේ. එවැනි ආයතන කොංග්‍රස් පනතක් හරහා ස්ථාපිත කළ යුතු අතර, සාමාන්‍යයෙන් දහස් ගණනක කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවනු ඇත.

ට්‍රම්ප් කියා සිටියේ මස්ක් සහ රාමස්වාමි ධවල මන්දිරය සහ කළමනාකරණ සහ අයවැය කාර්යාලය සමඟ එක්ව රජයේ වාර්ෂික වියදම්වලින් සිදුවන ‘දැවැන්ත නාස්තිය සහ වංචා’ විසඳීමට කටයුතු කරන බවයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories