2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:24
නවතම පුවත්

ට්‍රම්ප් ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ජාතිය අමතයි: “සාමය නොඑන්නේ නම්, ප්‍රහාර විශාල වනු ඇත”

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ උදෑසන ජාතිය ඇමතීය. එහිදී ඔහු අවධාරණය කළේ, ඉරානය දැන් සාමය ඇති කරගත යුතු බවත්, එසේ නොකළහොත් අනාගත ප්‍රහාර වඩාත් විශාල වනු ඇති බවත්ය.

ට්‍රම්ප් සිය කතාවේදී පැහැදිලිව ප්‍රකාශ කළේ, “මතක තබා ගන්න, ඉලක්ක බොහොමයක් ඉතිරිව තිබෙනවා. සමහර විට වඩාත්ම මාරාන්තික විය හැකියි. නමුත් සාමය ඉක්මනින් උදා නොවන්නේ නම්, අපි නිරවද්‍යතාවයෙන්, වේගයෙන් සහ කුසලතාවයෙන් අනෙක් ඉලක්ක වෙත යන්නෙමු” යනුවෙනි.

ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ, මෙම ප්‍රහාරයන් “විස්මයජනක මිලිටරි සාර්ථකත්වයක්” අත්කර ගත් බව ලෝකයට පැවසිය හැකි බවයි. ඔහු ඊශ්‍රායලයට එල්ල වූ “බිහිසුණු තර්ජනය” මැඩපැවැත්වීම සඳහා කණ්ඩායමක් ලෙස කටයුතු කළ බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සුබ පැතූ බවත් සඳහන් කළේය. මෙම ප්‍රහාර මගින් ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාර සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට පියවර ගත් බවද ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බෙන්ජමින් නෙතන්යාහු දුරකථන සංවාදයක නිරත වූ බවයි. ප්‍රහාරයෙන් පසුව නෙතන්යාහු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ජනාධිපති ට්‍රම්ප් සහ තමා බොහෝ විට කියා සිටියේ “ශක්තිය තුළින් සාමය” බවයි. ඒ අනුව, පළමුව ශක්තිය පැමිණෙන බවත්, පසුව සාමය පැමිණෙන බවත් නෙතන්යාහු එහිදී වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories