2025 අගෝස්තු 15 සිකුරාදා, 19:16
නවතම පුවත්

ට්‍රම්ප් ඇමෙරිකාවේ නිල භාෂාව ලෙස ඉංග්‍රීසි නම්කරයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ නිල භාෂාව ලෙස ඉංග්‍රීසි නම් කිරීමේ විධායක නියෝගයකට අත්සන් තබා ඇත.

ෆෙඩරල් අරමුදල් ලබන රජයේ ආයතන සහ සංවිධානවලට ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවකින් ලේඛන සහ සේවා දිගටම ලබාදිය යුතුද යන්න තෝරාගැනීමට මෙම නියෝගය ඉඩ සලසයි.

ෆෙඩරල් අරමුදල් ලබන, රජයට සහ සංවිධානවලට ඉංග්‍රීසි නොවන කතා කරන්නන්ට භාෂා සහාය ලබාදිය යුතු බවට හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ නියෝගය මෙම නව නියෝගය මගින් අවලංගු කර ඇත.

“ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම සන්නිවේදනය විධිමත් කරනවා පමණක් නොව බෙදාගත් ජාතික වටිනාකම් ශක්තිමත් කරන අතර, වඩාත් ඒකාබද්ධ හා කාර්යක්ෂම සමාජයක් නිර්මාණය කරනු ඇත,” යැයි නියෝගයේ සඳහන් වේ.

“නව ඇමරිකානුවන් පිළිගැනීමේදී, අපගේ ජාතික භාෂාව ඉගෙනීම සහ සම්මත කර ගැනීම දිරිමත් කිරීමේ ප්‍රතිපත්තියක් එක්සත් ජනපදය බෙදාගත් නිවහනක් බවට පත්කරන අතර ඇමරිකානු සිහිනය සාක්ෂාත් කර ගැනීම සඳහා නව පුරවැසියන්ට බලය ලබාදෙනු ඇත,” යැයි නියෝගයේ ද සඳහන් වේ.

“ඉංග්‍රීසි කතාකිරීම ආර්ථික වශයෙන් දොරටු විවෘත කරනවා පමණක් නොව, නවකයින්ට ඔවුන්ගේ ප්‍රජාවන් තුළ සම්බන්ධ වීමට, ජාතික සම්ප්‍රදායන්ට සහභාගී වීමට සහ අපගේ සමාජයට ආපසු ලබා දීමට උපකාරී වේ.”

එක්සත් ජනපදයේ ඉංග්‍රීසි නිල භාෂාව බවට පත්කිරීම වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායම් පෙන්වාදෙන්නේ, ප්‍රාන්ත 30 කට වැඩි සංඛ්‍යාවක් දැනටමත් ඉංග්‍රීසි ඔවුන්ගේ නිල භාෂාව ලෙස නම්කරන නීති සම්මත කර ඇත.

දශක ගණනාවක් තිස්සේ, එක්සත් ජානපද කොංග්‍රසයේ නීති සම්පාදකයන් විසින් රටේ නිල භාෂාව ලෙස ඉංග්‍රීසි නම්කිරීම සඳහා නීති සම්පාදනය කර ඇත. එහෙත් එම උත්සාහයන් සාර්ථක වී නැත.

පසුගිය මාසයේ ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියට පැය කිහිපයක් ඇතුළත, නව පරිපාලනය නිල ධවල මන්දිර වෙබ් අඩවියේ ස්පාඤ්ඤ භාෂා අනුවාදය ඉවත් කළේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories