ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ එරට බිලියනපතියෙකු වූ ඊලෝන් මස්ක්ට එරෙහිව ඇමෙරිකාවේ විරෝධතා රැසක් පැවැත්වෙන බවත් ඇමෙරිකාවේ ප්‍රාන්ත 50ම ඇතුළුව ස්ථාන 1,200ක ඊයේ (05) දිනයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයාට සහ එලොන් මස්ක්ට එරෙහිව විරෝධතා සහ පෙළපාලි පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති තීරු බදු පැනවීම් ඇතුළු ඔහුගේ න්‍යාය පත්‍ර හේතුවෙන් ඇමෙරිකාවට සාමාජිය සහ ආර්ථික ගැටළු ඇතිවන බවට එම විරෝධතාකරුවන් සිය විරෝධතා මගින් පෙන්වා දී තිබෙන අතර විරෝධතාකරුවන් පවසා ඇත්තේ ඇමෙරිකානු ආර්ථිකය කඩා වැටීමත්, ඩොලර් ට්‍රිලියන 06කට ආසන්න ධනයක් විනාශ කිරීමෙන් අමෙරිකානු ජනාධිපතිවරයා මානසික අවපීඩනයකින් පෙළෙන බවය.
එමෙන්ම ඇමෙරිකානු රජය බිලියනපතියෙකු විසින් අත්පත් කරගන්නා බවත් එම විරෝධතාවට එක්වූවන් චෝදනා කර තිබේ.