2020 ජනාධිපතිවරණයට මැදිහත් වීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් ජෝර්ජියාවේ අධිකරණයක් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් කර ඇති අපරාධ චෝදනා 10 න් දෙකක් ඉවත් කර තිබෙනවා.
Fulton County විනිසුරු Scott McAfee තීන්දු කළේ ෆෙඩරල් අධිකරණයට ව්‍යාජ ලේඛන ගොනු කිරීම සම්බන්ධයෙන් නිශ්චිත චෝදනා ඉදිරිපත් කිරීමට දකුණු ප්‍රාන්තයට බලයක් නොමැති බවයි.
මෙහිදී මුළින් චෝදනා 13 ක් ඉදිරිපත්වු තිබූ අතර මේ වන විට ට්‍රම්ප්ට එරෙහි චෝදනා අටක් ඇතුළුව නඩුව ඉදිරියට ගෙන යාමට විනිසුරු Fulton County අවසර ලබා දී තිබෙනවා.
ට්‍රම්ප්ට එරෙහි තවත් චෝදනා තුනක් මෙම වසර මුලදී ඉවත් කරන ලද්දේ එම චෝදනාවල විස්තර නොමැති බව එම විනිසුරුවරයාම තීරණය කිරීමෙන් පසුවයි.
ට්‍රම්ප්ගේ නීතීඥයෙකු වන ස්ටීවන් සැඩෝ මෙම තීන්දුව ප්‍රශංසා කරමින් පවසා ඇත්තේ “ජනාධිපති ට්‍රම්ප් සහ ජෝර්ජියාවේ ඔහුගේ නීති කණ්ඩායම නැවත වරක් ජයග්‍රහණය කර ඇත” යනුවෙනුයි.
අධිකරණ ලේඛනවලට අනුව හිටපු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉවත් කර ඇති චෝදනා අතරට ව්‍යාජ ලේඛන සැකසීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළත් බව සඳහන්.