එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් මගින් ශ්‍රී ලංකාව මත සියයට 44 ක බද්දක් පනවා තිබේ.ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද කිසිදු තීරුබදුවකින් ශ්‍රී ලංකාව ක්ෂණික බලපෑමක් අපේක්ෂා නොකරන නමුත් රට නව තීරුබදු ප්‍රතිපත්තියක් සඳහා කටයුතු කරමින් සිටින බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
“ක්ෂණික බලපෑමක් ඇති වෙයි කියලා අපි හිතන්නේ නෑ. නමුත් අනාගතයේදී නව තීරු බදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් අමාත්‍ය හඳුන්නෙත්ති පවසා තිබේ.
එමෙන්ම අනාගතයේදී ශ්‍රී ලංකාව ආසියාවේ අනෙකුත් රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් සැලසුම් කරමින් සිටින බව අමාත්‍ය හඳුන්නෙත්ති මහතා පැවසීය.