2025 ජූනි 22 ඉරිදා, 15:28
නවතම පුවත්

ට්‍රම්ප්ගේ ඉරාන ප්‍රහාරයට විදෙස් රටවල් රැසකින් සහ අමෙරිකාවෙන්ද දැඩි විරෝධය

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් විදෙස් රටවල් කිහිපයක් සිය විරෝධය පළ කර තිබේ. මෙම ප්‍රහාරය හෙළා දකිමින් ඇතැම් රාජ්‍ය නායකයින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, තවත් නායකයින් සාමය සඳහා කැඳවුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කියුබාව, චිලී, වෙනිසියුලාව, කොලොම්බියාව, මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයක් අමෙරිකාව සිදුකළ මෙම ප්‍රහාරය මේ වන විටත් හෙළා දැක ඇත. මෙම රටවල් පෙන්වා දී ඇත්තේ, අමෙරිකානු ජනාධිපතිවරයා මැදපෙරදිග ගැටුම භයානක ලෙස උත්සන්න කිරීමට උත්සාහ කළ බවත්, ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපද බෝම්බ හෙළීම හෙළා දකින බවත්ය.

එම රටවල් චෝදනා කරන්නේ, මෙම ප්‍රහාර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කරන බවත්, එය ආපසු හැරවිය නොහැකි ප්‍රතිවිපාක සහිත අර්බුදයකට මනුෂ්‍යත්වය ඇද දමන බවත්ය.
මේ අතර, ඉරානයට එල්ල කළ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාව තුළද දැඩි කතාබහක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාවේ ඇතැම් ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර, ඔවුන් චෝදනා කර ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා කොංග්‍රස් අනුමැතියකින් තොරව මෙම ප්‍රහාර සිදු කර ඇති බවයි.

කොංග්‍රස් සභික ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝටේස් පවසා ඇත්තේ, මෙය අමෙරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ කොංග්‍රස් යුද බලතල බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන බවත්, දෝෂාභියෝගයකට සම්පූර්ණයෙන්ම සහ පැහැදිලි හේතුවක් ද වන බවත්ය. අමෙරිකානු ජනාධිපතිවරයා අවේගශීලීව අමෙරිකාව පරම්පරා ගණනාවක් උගුලට හසුකර ගත හැකි යුද්ධයක් දියත් කිරීමේ අවදානමක් ගෙන ඇති බවද ඇය සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ. ට්‍රම්ප් ප්‍රහාරයට පෙර කොංග්‍රස් මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගත යුතු වුවද, කිසිදු අනුමැතියකින් තොරව සිදුකළ මෙම ප්‍රහාරය මැදපෙරදිග යුද්ධයකට අමෙරිකාව ඇද දැමූ බවද ඇය චෝදනා කරයි.

අමෙරිකානු කොංග්‍රස් සභික රෂිඩා ට්ලයිබ් ද, ට්‍රම්ප් විසින් අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙසත් කොංග්‍රසයෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ. ඩිමොක්‍රටික් පක්ෂයද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, එක්සත් ජනපදය අනවශ්‍ය ගැටුමකට ඇද නොදැමීම සඳහා කොංග්‍රසය ඉදිරියට ගොස් ට්‍රම්ප්ගේ අරමුණු සහ සැලසුම් පැහැදිලි කළ යුතු බවයි.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය හදිසියේ රැස්වෙයි
අමෙරිකාව විසින්...
Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
ජපානයේ හොක්කයිඩෝ හි රික්ටර් මාපක 6.0ක භූ කම්පනයක්
ජපානයේ හොක්කයිඩෝ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් යුද හමුදාවෙන් නිවේදනයක්
සමාජ මාධ්‍ය ඔස්සේ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
ජීව උණ්ඩයක් සමඟ ඉන්දීය ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට
සිය ගමන් මල්ලේ ජීව...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories