ලෝකයේම අවදානය දිනාගෙන සිටි සුවිශේෂී බොක්සිං තරගයක් එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ආර්ලින්ටන් හි අද (16) අලුයම පැවැත් වුණි.
ඒ හිටපු හෙවිවේට් ලෝක ශූර මයික් ටයිසන් සහ යූ ටියුබ් තරුවක් සහ බොක්සිං ක්‍රීඩකයෙකු වන ජේක් පෝල් අතරය. මෙම තරගය දෙස ලොව පුරා සිටින මිලියන ගණනක් දෙනා ඉතා අවදානයෙන් පසුවිය.
මෙම සුවිශේෂී බොක්සිං තරගය ජයගැනීමට 58 හැවිරිදි වියේ පසුවන හිටපු හෙවිවේට් ලෝක ශූර මයික් ටයිසන් පරාජය කළ 27 හැවිරිදි ජේක් පෝල්ට හැකියාව ලැබුණි.
හිටපු හෙවිවේට් ශූරයා වසර 19 කට පසු සිය පළමු වෘත්තීය තරගයට මෙලෙස සභාගී වූ අතර, තරග වට අටක් දක්වා ක්‍රියාත්මක වූ මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය.
ටෙක්සාස් බලපත්‍ර සහ නියාමන දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද මෙම සටන 80,000කට ආසන්න ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ මිනිත්තු 02ක තරග වටවලින් ක්‍රියාත්මක විය.
තරගකරුවන් දෙදෙනාම හෙවිවේට් සටන් සඳහා සාමාන්‍ය අවුන්ස 10 අත්වැසුම් වෙනුවට අවුන්ස 14 අත්වැසුම් පැළඳ සිටීම ද විශේෂත්යකි.
58 හැවිරිදි ටයිසන් සහ 27 හැවිරිදි පෝල් මෙම තරගය සඳහා එකිනෙකා මුණගැසීමට නියමිතව තිබුණේ පසුගිය ජුලි 20 වැනිදා වන අතර, හදිසි අසනීප තත්ත්වයන් නිසා ටයිසන් වෛද්‍ය ප්‍රතිකාර ලැබීම හේතුවෙන් මෙම තරගය නොවැම්බර් මාසය දක්වා කල් දැමීමට සිදු විය.


