මැලේසියාවේ පැවති දාසය වන විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් එහිදී රන් පදක්කම් දහතුනක් රිදී පදක්කම් පහක් සහ ලෝකඩ පදක්කම් පහක් දිනාගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. මෙම තරගාවලිය ඉකුත් පළවන දින සිට දහවන දින දක්වා ලෝකයේ රටවල් විසි දෙකක ක්‍රීඩක ක්‍රීඩිකාවන් පන්සීයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පවත්වා තිබුණි.ඔවුන් පිළිගැනීම සඳහා සිවිල් සමාජ ක්‍රියාකාරී මගෙන් රට සංවිධානයේ සංජය මහවත්ත මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ පරියන්තය වෙත පැමිණ සිටියා.