2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 635.7ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන අනුව, මෙය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 22%ක සැලකිය යුතු වර්ධනයකි.
2025 ජනවාරි සිට ජූනි දක්වා වූ කාලය තුළ සමුච්චිත ප්‍රේෂණ අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් වන අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 18.9%ක වැඩිවීමක් බව මහ බැංකුව සඳහන් කරයි. 2024 වසර සඳහා වාර්තා වූ මුළු විදේශ සේවා ප්‍රේෂණ ලැබීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.57කි.
නිල දත්තවලට අනුව, මේ වසර තුළ ශ්‍රී ලාංකිකයන් 312,836ක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.