මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය අද (27දා) උදෑසන සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ ඇත.
එහිදී අමෙරිකානු තානාපතිනිය එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ පක්ෂ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය සමග පැයකට වඩා වැඩි කාලයක් වත්මන් දේශපාලන තත්ත්වය සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ