සිය ගමන් මල්ලේ ජීව උණ්ඩයක් සඟවාගෙන කුවේට් සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි ඉන්දීය ජාතිකයෙකු ගුවන් තොටුපළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් වූ පුද්ගලයා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි 30 හැවිරිදි අයෙකි. ඔහු කුවේට් රාජ්‍යයේ පිරිසිදු කිරීමේ සේවකයෙකු ලෙස සේවය කරන බව වාර්තා වේ.
ඊයේ (ජූනි 21) පෙරවරුවේ කුවේට් සිට කටුනායකට පැමිණි මෙම සැකකරු, යළි ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ.