2025 ජූනි 03 අඟහරුවාදා, 05:17
නවතම පුවත්

ජීවිත 22කට මරණය උරුම කළ රියදුරුගේ නින්ද

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි පසුගිය (11) දින සිදු වූ අනතුරින් මිය ගිය 22 දෙදෙනාට පින් අනුමෝදන් කරමින් පහන් දැල්වීමේ වැඩසටහනක් හැටන් ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් එක්ව (12) දින සිදු කරනු ලැබූවා.

නුවරඑලිය ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ මහතා කියා සිටියේ, මෙම අනතුරින් තුවාල ලැබූ තවත් 40 කට ආසන්න පිරිසක් නුවරඑලිය, නාවලපිටිය, ගම්පොළ යන මූලික රෝහල් වල සහ පේරාදෙණිය, මහනුවර, යන ශික්ෂණ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, එම රෝගීන්ගෙන් කිහිප දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවයි .

මේ අතර මෙම බස් අනතුර සිදු වී ඇත්තේ රියදුරාට නින්ද යෑම නිසා බව දැනට කරන ලද මූලික පරික්ෂණවලදී නුවරරලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා පැවසීය.

අප කල විමසුමකදී ජාලිය බණ්ඩාර මහතා වැඩි දුරටත් කියා සිටියේ,

“ බස් රථයේ කිසිදු කාර්මික දෝෂයක් අනතුරට හේතු වී නොමැති බවත්, බස් රථයෙ ආසන සංඛ්‍යාවට වඩා මගින් විශාල පිරිසක් බස් රථය තුල සිටගෙන යෑම නිසා බස් රථය අනතුරට පත් වූ අවස්ථාවේ විශාල පිරිසක් මිය ගොස් වැඩි පිරිසක් තුවාල ලැබීමට හේතු වූ බවයි”.

පරික්ෂකවරයා තව දුරටත් කියා සිටියේ, බස් රථය අන්ත්‍රාදායක ලෙස ධාවනය කලේද යන්න පිලිබදව එම මාර්ගයේ ස්ථාන කිහිපයක සවිකර තිබු ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂකල බවත්, ඒ අනුව බස් රථය රියදුරා විසින් අන්ත්‍රාදායක ලෙස ධාවනය කර නොමැති බවට තහවුරු වු බවත්, මෝටර් රථ පරික්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් එක්වි බස් අනතුර පිළිබදව විමර්ෂණයක් සිදුකර අවසන් නිගමනයට එළබෙන බවයි.

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories