2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:28
නවතම පුවත්

ජාතික සමගියට යාන්ත්‍රණයක් ගේන්න ආණ්ඩුව ලෑස්තිවෙයි

පසුගිය මහ මැතිවරණයේදී ලැබුණු ජනවරම මත ජාතිකජාතික සමගියට යාන්ත්‍රණයක් ගේන්න ආණ්ඩුව ලෑස්තිවෙයි සමගිය ශක්තිමත් කිරීම සඳහා යාන්ත්‍රණයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති මුනීර් මුලාෆර් පවසයි.

මුලාෆර් සඳහන් කර ඇත්තේ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරි මාසවලදී අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගන්නා බවයි.

රජයේ මෙම ප්‍රවේශයට රටේ සියලුම ප්‍රජාවගේ සහභාගීත්වය ඇතුළත් වන බව ඔහු අවධාරණය කරයි.

“සමාජයේ සෑම කණ්ඩායමකටම සහභාගී විය හැකි ක්‍රමයක් රජය විසින් අනුගමනය කරන්නේ. අපගේ ඉලක්කය සත්‍ය වශයෙන්ම සියලුදෙනා ඇතුළත් යාන්ත්‍රණයක් තුළින් ජාතික සමගිය ශක්තිමත් කිරීමයි,” යනුවෙන් නියෝජ්‍ය ඇමැති මුලාෆර් ප්‍රකාශ කරයි.

වත්මන් රජය කටයුතු කරන්නේ පසුගිය රජයන් විසින් හඳුන්වා දුන් ආයතන සහ රාමු තුළ බව ද ඔහු පෙන්වා දෙයි.

පසුගිය ගැටලු විසඳීම සඳහා මීට පෙර යෝජිත පියවරක් වූ සත්‍යය සහ ප්‍රතිසන්ධානය සම්බන්ධ කොමිසම අඛණ්ඩව පවත්වාගෙන යෑම පිළිබඳ නියෝජ්‍ය ඇමැති මුලෆ්ෆාර් පැවසුවේ, ඒ පිළිබඳ විස්තරාත්මකව සාකච්ඡා කළ යුතු බවයි.

“එය ප්‍රවේශමෙන් හා පුළුල් ලෙස බැලිය යුතු දෙයක්. අපි හැමෝගෙම සහභාගිත්වයෙන් හොඳ ක්‍රමයක් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. එකමුතුකම තහවුරු කිරීම සඳහා තීරණ ගැනීමේ ක්‍රියාවලිවලදී සියලුම කණ්ඩායම් සම්බන්ධ කර ගැනීම වැදගත්.”යැයි ඔහු අවධාරණය කරයි.

ජාතික ජන බලවේග ආණ්ඩුවට ජනතාවගෙන් පෙර නොවූ විරූ ජනවරමක් ලැබී ඇති බව නියෝජ්‍ය ඇමැති මුලෆර් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඔහුට අනුව, මෙම ශක්තිමත් සහයෝගය ප්‍රධාන ජාතික ප්‍රශ්න විසඳීමට සහ සාමය සහ සහජීවනය සඳහා වන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට පහසුවක් වී තිබේ.

“මෙම ජනවරම පෙන්නුම් කරන්නේ ධනාත්මක වෙනසක් ඇති කිරීමට ජනතාව අපව විශ්වාස කරන බවයි. දැන් අපගේ වගකීම වන්නේ එම විශ්වාසය ලබා දී ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කිරීමයි,” යනුවෙන් ඔහු පැහැදිලි කර තිබේ.

එවැනි යාන්ත්‍රණයක් මඟින් සෑම ප්‍රජාවකම මැදිහත්වීම සහතික කරමින් රට තුළ දීර්ඝ කාලීන සමගිය සහ සංහිඳියාව සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය වනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කරයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories