2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:59
නවතම පුවත්

ජාතික ජනසභා ලේකම් කාර්යාලය අහෝසි කෙරේ

ජාතික ජනසභා ලේකම් කාර්යාලය අවලංගු කෙරේපසුගිය රජය මගින් ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඒ අනුව පසුගිය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ ”විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා වන කාර්යාලය” හා “ජාතික ජන සභා ලේකම් කාර්යාලය” සහ “කෘෂි කර්ම නවීකරණ වැඩසටහන” ක්‍රියාත්මකවීම අත්හිටුවා ඇත.

ජාතික ජන සභා ලේකම් කාර්යාලය ස්ථාපනය කර තිබුණේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජන සභා ක්‍රමය ස්ථාපිත කිරීම උදෙසා ය.

එම ව්‍යාපෘතීන් සඳහා කොන්ත්‍රාත් පදනම මත නිලධාරින්/උපදේශකයින් පත් කරනු ලැබ ඇත.

කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ එම කාර්යාල සහ වැඩසටහන මඟින් අපේක්ෂිත කාර්යයන් අදාළ අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බැවින්, ඒ සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබ ඇති නිලධාරින්ගේ/උපදේශකයින්ගේ සේවය සැප්තැම්බර් 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීම පිණිස පියවර ගෙන ඇති බවය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළ බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දුන් බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories