ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු යවන ක්‍රීඩකයෙකු වන ෂෙහාන් මධුසංඛගේ නිවසේ මත්ද්‍රව්‍ය තබාගෙන ඇතැයි ලද තොරතුරු අනුව නිවස පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමග ෂෙහාන් මධුසංඛව පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට පෙරද සැකකරු මෝටර් රථයකින් මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවත් එම චෝදනාවන් මත රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි බවත් පොලීසිය විසින් අධිකරණය වෙත කරුණු දක්වන ලදි.
ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස පළවෙනි දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත.