2025 අගෝස්තු 15 සිකුරාදා, 19:31
නවතම පුවත්

ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාගේ පෙත්සම විභාගයට අවසර

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාව වශයෙන් කටයුතු කළ මැක්ස්වල් ද සිල්වා මහතා එම තනතුරින් අත්හිටුවීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුනු පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (30) නියම කළේය.
එහෙත් මැක්ස්වල් ද සිල්වා මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

තමන්ව එම තනතුරේ කටයුතු කිරීම අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් මැක්ස්වල් ද සිල්වා මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතාගේ එකඟතාවය ඇතිව විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඒවා ජූනි මස 12 වනදාට පෙර ගොනුකරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජූලි මස 14 වනදාට පෙර ගොනුකරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 04 වනදා පැවැත්වීමටද අධිකරණය විසින් දින නියම කළේය.

පෙත්සම්කරු කියා සිටින්නේ, සිය තනතුරේ බලය අයුතු ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිය තනතුර අත්හිටුවීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවය. එවැනි තීරණයක් ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් නොමැති බවත් එබැවින් එම තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories