2025 අගෝස්තු 15 සිකුරාදා, 03:08
නවතම පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡා සාර්ථකයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති සාකච්ඡා මාලාව සාර්ථකව අද (04) දින නිමාවට පත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ, ‘ජනපති සහ IMF අතර සාකච්ඡා දෙවන දිනටත්’ යන මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්, ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියා.

එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ තුන්වන සමාලෝචනයට අදාළ ඉදිරි කටයුතු සහ එහිදී ඇති විය හැකි ප්‍රමාදයන් මඟහරවා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා වූ බව සඳහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඊයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා අවධාරණය කළේ IMF වැඩසටහනේ අරමුණු සමඟ තමන් එකඟ වන අතරම ජනතාවට සහන සැලසීම තම රජයේ අපේක්ෂාව බවයි.

ඒ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප ප්‍රවේශයන් පිළිබඳව සැලකිලිමත් වෙමින් එම ඉලක්ක වෙත ළඟා වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අරමුණ වනවා.

ඒ සඳහා අවශ්‍ය යහපත් හා සුහදශීලි වටපිටාවක් දෙපාර්ශ්වය අතර මෙම සාකච්ඡාවලදි මනාව ගොඩනැගුණු අතර දින තුනක් මුළුල්ලේ පැවති සාකච්ඡා මාලාව සාර්ථකව අද දින නිමාවට පත් වුණා

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories