ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා පත්කර තිබේ.
ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මානව සම්පත් සහ වේතන කමිටුව, මුල්‍ය හා වාණිජ කමිටුව සහ නාමයෝජනා කමිටුව සඳහා පත් කිරීමට පියවර ගෙන ඇති අතර මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී ශම්මි සිල්වා මහතා අඛණ්ඩව සිව්වැනි වරටත් සභාපති ධුරයට නිතරගෙයන් තේරීපත්වුණි.
ඒ 2025 – 2027 වසර දෙකක කාලයක් සඳහායි.
ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් සභාපතිවරයාද වෙයි.