ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ජර්මානු නිල සංචාරය සාර්ථකව අවසන් කර අද (ජුනි 15) උදෑසන දිවයිනට පැමිණ තිබේ.
ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාද අද උදෑසන 8.58ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට ලඟා විය.
ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ජුනි 11 වැනිදා සිට 13 වැනිදා දක්වා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනයකට අනුව මෙම නිල සංචාරයේ නිරත විය.