2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 19:22
නවතම පුවත්

ජයසූරිය පරාජයට හේතු කියයි

ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ ශ්‍රී ලංකා සිහිනය දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස පරාජයට පත්වීමත් සමඟ බොඳව ගොස් තිබේ.

ජයග්‍රහණය වෙනුවෙන් ධනංජය ද සිල්වාගේ සහ කුසල් මෙන්ඩිස්ගේ උත්සාහයන් නිෂ්ඵල වූ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් තරඟයේ අවසන් දිනයේ දී ශ්‍රී ලංකාව ලකුණු 109 කින් පරාජයට පත්විය.

ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසන්නේ පිත්තෙන් දස්කම් නොදැක්වීම මෙම පරාජයට හේතු වූ බවයි.

Gqeberha හි පැවැති තරඟයේ පළමු ඉනිමේදී මෙය වඩාත් පැහැදිලි වූ අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පිතිකරුවන් 5 දෙනාටම අවම වශයෙන් රැස්කර ගත හැකි වූයේ ලකුණු 20ක් පමණකි.

එහෙත් එක් අකු පමණක් ලකුණු 50 සීමාව ඉක්මවා ගියේය.

ලකුණු 89ක් ලබාගෙන වැඩිම ලකුණුලාභියා වූ පැතුම් නිස්සංක පවා අවස්ථා හමුවේ ප්‍රයෝජන ගැනීමට අපොහොසත් විය.

“පිතිකරුවන් ඔවුන්ගේ ලකුණු සීමාව සියය ඉක්මවා ලබාගත යුතුයි. 30 සහ 40 ප්‍රමාණවත් වෙන්නෙ නෑ. මෙම කඩුලු මත එය දුෂ්කරයි, අවම වශයෙන් පිතිකරුවන් දෙදෙනකු හෝ මෙවැනි සංචාරයකදී ශතක රැස්කළ යුතුයි. අපට එය සාර්ථක කර ගන්න ලැබුනේ නැහැ ”ජයසූරිය පැවසීය.

“මීට පෙර එංගලන්තය වැනි ස්ථානයක ක්‍රීඩාකර ඇති පිතිකරුවන් මේ වන විට ලකුණු ‍රැස් කිරීමේ වටිනාකම දන්නවා ඇතැයි මම සිතනවා. මේ පාර ඒක අපිට මගහැරුණා.ජ්‍යෙෂ්ඨ පිතිකරුවන්ගෙන් විශාල උත්සාහයක් තිබුණත්, ඔවුන් තනි තනිව සිතා බැලුවහොත් එය ප්‍රමාණවත් නොවන බව ඔවුන්ට වැටහෙනු ඇති.” ඔහු වැඩිදුරටත් පැවසුවේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories