2026 මාර්තු 21 සෙනසුරාදා, 08:59
නවතම පුවත්

ජම්බුවාගේ මදුරංග සිල්වා නොහොත් පෙති රංග අත්අඩංගුවට

කළුතර හා අවට ප්‍රදේශ රැසක අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති ජාවාරමේ නිරතත වූ ජම්බුවාගේ මදුරංග සිල්වා නොහොත් “පෙති රංග” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර කළුතර උතුර පොලිස් වසමේ දෙදියවල සුනාමි නිවාස සංකීර්ණයේදී කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් ඊයේ (24) සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු විසින් කළුතර උතුර දෙදියවල සුනාමි නිවාස සංකීර්ණයේ සැකකටයුතු ලෙස මෙම ජාවාරම සිදුකර ඇති අතර එම නිවස පරීක්ෂා කිරීමේදී නිවස පිටුපසදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්, මත්කරල් 18ක්, අයිස් මත්ද්‍රව්‍ය මැන බැලීම සඳහා භාවිතා කරන කුඩා ප්‍රමාණය ඩිජිටල් තරාදියක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් රුපියල් 50,000ක මුදලක් ද එම ජාවාරම සිදුකරගෙන යාමට භාවිතා කළ ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී නිවසේ මුළුතැන්ගෙයි සිවිලිමේ සඟවා තිබූ තියුණු ආයුධ දෙකක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇත. සැකකරු පිළිබඳව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමකින් ලැබෙන බවය.

සැකකරු සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් දාහතක් පමණ දිවයිනේ විවිධ අධිකරණ ඔස්සේ නීතිමය ක්‍රියාමාර්ග විමර්ශනය සිදුවන බවත්,ඉන් බොහොමයක් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු බවත් පොලීසිය පවසයි.

සැකකරු විසින් දීර්ඝ කාලයක් තිස්සේ කළුතර උතුර වාඩියමංකඩ, කළුතර දකුණ, පොතුපිටිය, වස්කඩුව, දියගම ආදී ප්‍රදේශවලට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත. සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමටට නියමිතයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories