නවක වදයට විරුද්ධ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේ හා සිව්වන වසරේ සිසුන් පිරිසක් පහරදී තිබෙනවා.
මේ වනවිට වැලිගම ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව පහරකෑ සිසුවා ප්‍රතිකාර ලබමින් සිටියි.
නවක වදය හේතුවෙන් ඇති වූ මානසික පීඩාව නිසා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණයේ සිදුවීම තවමත් රට තුළ කථාබහක් ඇති කරමින් තිබියදී මෙම පහරදීම සිදුව තිබේ.
පහරකෑ සිසුවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල තුළ නවක වදයට විරුද්ධ වූ අයෙකු බවයි පැවසෙන්නේ.
එමෙන්ම ඔහු විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය අන්වර්ථ නාමයක් නොමැතිව විශ්වවිද්‍යාල භූමියේ සැරිසැරීම ද මෙම පහරදීමට හේතු වී තිබේ.
සිසුන් 20ක පමණ පිරිසක් තම නේවාසිකාගාරයටම පැමිණ හෙල්මට්වලින් හිසට සහ කොන්ද ප්‍රදේශයට අමානුෂික ලෙස පහරදුන් බව එම සිසුවා පවසයි.