2025 ජූනි 27 සිකුරාදා, 12:38
නවතම පුවත්

ජපුර නේවාසිකාගාර හානිවලට තුන් ගුණයක දඩ!

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට සිදුවූ අලාභ හානි වෙනුවෙන් සිසුන් දස දෙනෙකුගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන ඇති බව පසුගියදා (ජූනි 20) පාර්ලිමේන්තුවේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවේ අනාවරණය විය. කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, විශ්වවිද්‍යාලයේ 2022 සහ 2023 විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබඳව විමර්ශනය කෙරිණි.

කෝප් කමිටුව පෙන්වා දුන්නේ, හානි වූ දේපළවල වටිනාකම මෙන් තුන් ගුණයක මුදලක් නීත්‍යානුකූලව අයකරගෙන ඊට අමතරව 25%ක අධිභාරයක්ද පනවා ඇති බවයි. කමිටුව මෙම ගණනය කිරීම්වල ඇති වරද පෙන්වා දුන් අතර, විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රකාශ කළේ, අය කිරීම්වල වරදක් වී ඇත්නම් එය නිවැරදි කිරීමට සූදානම් බවය. තවද, ගැටුමට සම්බන්ධ පාර්ශ්ව දෙකෙන් එක් පාර්ශ්වයක සිසුන්ට පමණක් මෙලෙස දඩ අය කිරීම කෙතරම් සාධාරණද යන්න පිළිබඳව නැවත සිතා බලන ලෙසද කෝප් සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම රැස්වීමේදී කාර්ය මණ්ඩල සංයුතිය, මූල්‍ය තත්ත්වය, ඉදිකිරීම් වල පැවති සහ පවතින තත්ත්වයන් මෙන්ම ශිෂ්‍යන් සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අතර සම්බන්ධතාවය වැනි කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය. විශේෂයෙන්ම, විශ්වවිද්‍යාලයේ පූර්ණකාලීන තනතුරක් වන මූල්‍යාධිකාරීවරියක් පෞද්ගලික සමාගමක විධායක නොවන අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කිරීමට නිදහස් කර ඇති බවත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියක ද වැඩකටයුතු සිදුකිරීමට ඇයට අවසර දී ඇති බවත් අනාවරණය විය. අමාත්‍යාංශයෙන් හෝ නොවිමසා මෙවන් තීරණ ගැනීම ගැටලු සහගත බව කෝප් කමිටු සාමාජිකයන් පෙන්වා දුන්හ. ලේඛකාධිකාරීවරයා සඳහන් කළේ, විශ්වවිද්‍යාලයේ සේවා කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි සේවය කිරීමට මූල්‍යාධිකාරීවරිය නිදහස් කර ඇති බවයි. කෙසේ වෙතත්, ඇයගේ 2024 වසරේ දින 44ක පැමිණීමේ සහ පිටවීමේ සටහන් නොවීම සම්බන්ධයෙන්ද කමිටුව අවධානය යොමු කළ අතර, එය නිවැරදි කර දෙන ලෙස ලේඛකාධිකාරීවරයාට උපදෙස් දෙන ලදී.

තවද, ව්‍යාපෘති කළමනාකාර තනතුරක් ප්‍රසිද්ධ දැන්වීමකින් හෝ ඉල්ලුම්පත්‍ර කැඳවීමකින් තොරව, නිසි බඳවා ගැනීමේ පටිපාටියෙන් පරිබාහිරව බඳවා ගැනීම සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා විය. කාර්ය මණ්ඩල නව බඳවාගැනීමේ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සොයාබලා වාර්තාවක් සකස්කිරීමට කෝප් සභාපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දෙන ලදී.

විශ්වවිද්‍යාලයේ ගිණුම්වල තැන්පත් මුදල් පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එහිදී, 2024 බාහිර විභාග ඒකකයේ උපාධි ප්‍රධානෝත්සවය සඳහා සිසුවෙකුගෙන් රු. 10,500/-ක මුදලක් අයකරගෙන තිබුනද උපාධි ප්‍රධානෝත්සවයෙන් පසු රුපියල් ලක්ෂ 53කට වැඩි මුදලක් ඉතිරිවී තිබීම කමිටුවේ අවධානයට ලක් විය. මෙම අය කිරීම සිසුන්ට දරාගත හැකි අයුරින් තීරණය කිරීමටද කමිටුව උපදෙස් ලබා දුන් අතර, මේ වසරේ සිට උපාධි ප්‍රධානෝත්සවයන් සඳහා අය කරනු ලබන මුදල් අඩු කිරීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් කෝප් කමිටුවට දැනුම් දෙන ලදී.

අවසාන වශයෙන්, විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි හා ඉදිකිරීම් වල පැවති සහ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, රුවන් මාපලගම, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

නවතම පුවත්

web 07
වතු කම්කරු වැටුප් රු.1,700 දක්වා වැඩි කිරීමට රජයේ උත්සහයක්
වතු කම්කරු වැටුප්...
Web image new template new (1)-Recovered-Recovered
විශ්වවිද්‍යාල සිසුවෙකු අතුරුදහන්
කොළඹ වරාය නගරයේ...
Web image new template new (1)-Recovered-Recovered
නාමල් රාජපක්ෂගේ රුපියල් මිලියන 70 ක රග්බි ප්‍රවර්ධන නඩුව කල් යයි.
අද (27) පාර්ලිමේන්තු...
web 05
සමලිංගික විවාහය අපරාධයක් නොවේ පනත් කෙටුම්පත - ඉක්මනින් සම්මත කරන්න
සමලිංගික විවාහය...

උණුසුම් පුවත්

web 07
වතු කම්කරු වැටුප් රු.1,700 දක්වා වැඩි කිරීමට රජයේ උත්සහයක්
වතු කම්කරු වැටුප්...
web 05
සමලිංගික විවාහය අපරාධයක් නොවේ පනත් කෙටුම්පත - ඉක්මනින් සම්මත කරන්න
සමලිංගික විවාහය...
web 04
හිටපු අමාත්‍ය පිල්ලෙයාන්ට ඝාතන පහකට චෝදනා - CID පුළුල් විමර්ශන
හිටපු අමාත්‍ය පිල්ලෙයාන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
ජ'පුර බාහිර උපාධි සිසුන්ගේ හඬ: රජයේ අවධානයට!
පසුගිය දින කිහිපය...

දේශපාලන

web 07
වතු කම්කරු වැටුප් රු.1,700 දක්වා වැඩි කිරීමට රජයේ උත්සහයක්
වතු කම්කරු වැටුප්...
Web image new template new (1)-Recovered-Recovered
නාමල් රාජපක්ෂගේ රුපියල් මිලියන 70 ක රග්බි ප්‍රවර්ධන නඩුව කල් යයි.
අද (27) පාර්ලිමේන්තු...
web 05
සමලිංගික විවාහය අපරාධයක් නොවේ පනත් කෙටුම්පත - ඉක්මනින් සම්මත කරන්න
සමලිංගික විවාහය...
Web image new template new (1)-Recovered-Recovered
මාලිමා මන්ත්‍රී දෙදෙනෙක් පැහැර ගනියි
අද (27) ජාතික ජන...

Categories