ජපානයේ හොක්කයිඩෝ වෙරළට ඔබ්බෙන් අද (ජූනි 22) අළුයම රික්ටර් මාපක 6.0ක භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) මෙම භූ කම්පනය තහවුරු කර තිබේ.
මෙම භූ කම්පනය පොළව මතුපිට සිට කිලෝමීටර් 10ක් (සැතපුම් 6.21ක්) පමණ ගැඹුරින් සිදුව ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කිසිදු හානියක් හෝ සුනාමි අනතුරු ඇඟවීමක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.