2026 මාර්තු 24 අඟහරුවාදා, 19:22
නවතම පුවත්

ජපානයෙන් ආ වාහන ප්‍රදර්ශනාගාරවලට

ජපානයෙන් ආනයනය කරන ලද වාහන ලබන සතියේ සිට ප්‍රදර්ශනාගාරවලට ලැබීමට නියමිත බව වාහන ආනයනකරුවෝ පවසති. කෙසේ නමුත්, රේගුවෙන් වාහන නිදහස් කර ගැනීමේදී තවත් ප්‍රශ්න කීපයකට මුහුණදීමට සිදුවී ඇතැයි ද ඔවුහු පවසති.

අපනයන පරීක්ෂණ සහතික සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් ජපානයෙන් ආනයනය කරන ලද වාහන රේගුවෙන් මුදා හැරීම සම්බන්ධයෙන් ගැටලු තත්ත්වයක් උද්ගතව පැවැතුණි. ජපානයෙන් ආනයනික වාහන රැගත් පළමු නැව හම්බන්තොට වරායට පැමිණ තිබුණේ මීට දින 20 කට පමණ ඉහතදීය.

කෙසේ නමුත්, පැවැති බාධාවන් ඉවත් කරමින් ජනාධිපතිවරයා විසින් ඊයේ (19 වැනිදා) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි.

වාහන ආනයනකරුවන් කියා සිටින්නේ වාහන නිදහස් කර ගැනීම සම්බන්ධව තවත් ගැටලු කීපයක් පවතින බවය.

Nissan X – Trail 1,500 CC, Toyota Raize 1,200 CC යන දෙමුහුන් මෝටර් රථ (හයිබ්‍රිඩ්) දෙමුහුන් නොවන බවට රේගුව විසින් සඳහන් කර තිබීම නිසා ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබෙන බවත්, ජපානයේ රේගුවද මෙම වාහන පිළිගන්නේ දෙමුහුන් මෝටර් රථ ලෙස බවත් ශ්‍රි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඊයේ (20 වැනිදා) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

මෙහිදී Toyota Raize රථයකට රුපියල් ලක්ෂ 60ක් පමණද, Nissan X – Trail රථයකට රුපියල් ලක්ෂ 100ක පමණ බදු ගෙවීමට සිදුවන බවත්, මෙම වාහන වර්ගීකරණය මෙරට රේගුව පිළිනොගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබෙන බවත්, මෙරට රේගුව කියා සිටින්නේ මෙම වාහන විද්‍යුත් (අමතර) යටතට ගැනෙන බව යැයිද වාහන ආනයනකරුවෝ පවසති.

එවැනි තත්ත්වයක් යටතේ බදු මිල ගණන් ඉහළ යන බවත්, ඒ අනුව Toyota Raize රථයකට රුපියල් ලක්ෂ 100ත් 120ත් අතර මුදලක් දක්වාද, Nissan X – Trai රථයකට රුපියල් ලක්ෂ 300ක් පමණ දක්වාද බදු ඉහළ යන බවත් ඔවුහු පවසති.

මේ නිසා මෙම වාහන නිදහස් කර ගැනීමේ ගැටලු තත්ත්වයක් පවතින බවද වාහන ආනයනකරුවන් කියා සිටිති. මෙම ගැටලු තත්ත්වය සම්බන්ධව රේගුවට දැනුවත් කර ඇතැයි ද ඔවුහු පවසති.

නව ගැසට් පත්‍රයට අනුව වාහනය නිෂ්පාදිත මාසය නිවැරැදිව සහතික කර ලබාදෙන ලෙස දැනුවත් කර තිබෙන බවත්, මෙම සහතිකය ඒජන්තවරුන්ගෙන් ලබා ගැනීමට සති 03 ත් 04 ත් අතර කාලයක් ගතවන බවත්, මේ නිසා අනවශ්‍ය ප්‍රමාදයක් සිදුවන නිසා වාහනයේ මිල තවදුරටත් ඉහළ යාමේ ගැටලුකාරී තත්ත්වයක් පවතින බවත් ඔවුහු සඳහන් කරති.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories