2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:27
නවතම පුවත්

ජනාධිපති සහෝදරයා ඉතා අමාරුවක වැටිලා ඉන්නේ

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශක්තිමත් විපක්ෂයක කාර්යභාරය ඉටුකිරීමේ වගකීම සර්වජන බලය වෙත ජනතාව පැවරිය යුතු බව එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පානදුර ප්‍රදේශයේ ඊයේ (20) පැවති ජන හමුවක් අමතමින්.

“දැන් අපේ අනුර කුමාර ජනාධිපති සහෝදරයා ඉතා අමාරුවක වැටිලා ඉන්නේ ආර්ථික වශයෙන් ගත්තොත් වැඩපිළිවෙළක් නැතිව ජනාධිපති වීම නිසා. වැඩපිළිවෙළ තිබුණේ හාමු මහත්තයා ගාව. හාමු මහත්තයා පොත දෙන්නේ නෑ. පොතේ පිටු කිහිපයක් අඩුයි. දැන් එතුමාට කෝල් කරලා අහන්න ඕනේ දැන් මොකද කරන්න ඕනේ කියලා. අපි එහෙම නෙමෙයි. අපි අනුර කුමාරට යෝජනා කරනවා අපි එන්නේ විපක්ෂයට ඔබ හදාගන්න ඔබේ ආණ්ඩුව, ඔබ හොඳ වැඩ කරන්න අපි උදව් කරන්නම්. දැන් එතුමා කියලා තියනවා රාජ්‍ය සේවකයින්ගේ වැටුප මාස 6කට සැරයක් වැඩි කරනවා කියලා. ඉතිං අපි ඒකට උදව් කරනවා. රුපියල් 200ට පෙට්‍රල් දෙනවා කියලා කියුවා අපි උදව් කරනවා. දැන් අපි එතුමාට කිව්වා උගන්ඩාවේ සල්ලි නැහැ ඕක කියන්න එපා වේදිකාවේ ඕක ප්‍රලාපයක්. හැබැයි උගන්ඩාවේ සල්ලි නැති වුණාට මේ රටෙන් පිටමං කරපු සල්ලි ගැන අපි දන්නවා. ඒවා රටට යළි ගේන වැඩපිළිවෙළ ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග මොනවාද, කොමිෂන් සභා පිහිටවන්නේ කොහොමද? ඒක අපේ වැඩපිළිවෙලේ තියනවා. අනුර කුමාරට පුළුවන් පිටමං කරපු ධනය නැවත ගෙන ඒම සඳහා වූ කටයුත්ත කරන්නට. සජිත් ප්‍රේමදාස මහත්මයා ආයේ විපක්ෂ නායක කරන්න හේතුවක් නැහැනේ. මොකද දැන් ඉස්කොලෙට බස් දීලත් ඉවර නම්, කම්පියුටර් කාමර ටිකත් ඇරලා නම්, හරිනි අමරසූරිය කියපු විදිහට ඉස්කෝලවලට යන්න තහනම් නම් දැන් බස් අරන් යන්නත් බෑ, කම්පියුටර් අරගෙන ස්මාර්ට් ක්ලාස් යන්නත් බෑ, එතුමා විපක්ෂ නායක වුණොත් දැන් කරන්න දේකුත් නෑ. ඒ නිසා ඒ විපක්ෂනායක අනවශ්‍ය බව ජනතාව තීරණය කරයි.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories