ජනාධිපති අනුර කුමාර දිසානායක නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමට නියමිතව සිටියි.
සමුළුව ලබන සැප්තැම්බර් 24 වැනිදා පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා සැප්තැම්බර් 23 වැනිදා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.
එහිදී ජනාධිපතිවරයා අමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවීමට නියමිතයි.
ඉන් පසු නිල සංචාරයක් සදහා ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
එහිදී ජනාධිපතිවරයා ජපානයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලාංකික දින උත්සවයට සහභාගිවීමට ද සූදානමින් සිටියි.